ප්‍රජාතන්ත්‍රවාදය ගැන වත්මන් පාලකයන් කතා කළත් මැතිවරණ සිතියමත් හකුළා දමලා

  👤  3250 readers have read this article !
By mawbima 2017-09-22

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

වර්තමාන රාජ්‍ය නායකයා තම රටත් ජාතියත් අන්තර්ජාතිකය හමුවේ හෑල්ලු කරමින් සිටින බවත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව වර්තමාන පාලකයන් කතා කළද මැතිවරණ සිතියමද මේ වන විට හකුළා ඇති බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂයේ 54 දෙනකු පාර්ලිමේන්තුවේ සිටියද අතුරුදන් වූවන්ගේ පනත පිළිබඳව කතා කිරීම වෙනුවන් ඔවුන්ට ලැබුණේ විනාඩි 37ක කාලයක් බවද දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂයට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බවද නාමල් රාජපක්ෂ මහතා පැවැසුවේය.

මේ පිළිබඳව කතා කිරීමේදී ඉදිරියේදී සිරගත වීමට හා තව තවත් නඩුවලට මුහුණදීමට තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන්ට සිදු විය හැකි බවද නාමල් මන්ත්‍රිවරයා පැවැසුවේ පෙරේදා (20දා) කොළඹදී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්