අන්තරේ පන්ති වර්ජනයක

  👤  3323 readers have read this article !
By mawbima 2017-09-22

සෞඛ්‍ය හා අධ්‍යාපන වෘත්තීය සමිති දියත් කළ එක් දින වැඩ වර්ජනයට සමගාමීව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයට සම්බන්ධ විශ්වවිද්‍යාලවල සිසුන් ඊයේ (21දා) පන්ති වර්ජනයක නියැළුණි.

සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට සහ ඒ ආසන්න නගරවල ඊයේ විරෝධතා පැවැත්වුණු අතර කොළඹ නගරයේදී වෘත්තීය සමිති බහුජන ව්‍යාපාර හා සිවිල් ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල හා වෛද්‍ය විද්‍යාලවල සිසුහු ඒකාබද්ධව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ඇති විරෝධතා අට්ටාලය අබියසදී ද විරෝධතාවක් පැවැත්වූහ.
විශ්වවිද්‍යාල පරිශ්‍රවල කළු කොඩි ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාව දැක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon