ආයතන දෙකකට රුපියල් කෝටි දෙකක් වංචා කළ අයෙක් රිමාන්ඩ්

  👤  3351 readers have read this article !
By mawbima 2017-09-22

අමිල අබේරත්න

ජාත්‍යන්තර වෙළෙ¼දාම හා සංවර්ධන උපාය මාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ආයතන දෙකකට රුපියල් එක්කෝටි අනූහත් ලක්ෂ විසි තුන් දහස් පන්සිය හතළිස් එකක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයකු ඔක්තෝබර් මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

ආයතන දෙකෙන් එක් ආයතනයක් මහපොළ ශිෂ්‍යත්ව උසස් අධ්‍යාපන භාරකාර අරමුදලට ප්‍රතිලාභ වර්ධනය කිරීමේ අරමුණින් 2003 වසරේ පිහිටුවා ඇති නැෂනල් වෙල්ත් කෝපරේෂන් නමැති ආයතනයක් වන අතර නැට් වෙල්ත් සිකියුරිටීස් නමැති අනෙක් ආයතනය භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී අලෙවිකරන ආයතනයකි.

වංචාව සිදු කළ පුද්ගලයා නැට් වෙල්ත් සිකියුරිටීස් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරිවරයකු සහ තැරැව්කරුවකු ලෙස සේවය කර ඇති අයෙකි. වයිට් ගේ‍රාව් හෝල්ඩින්ග්ස් හා ඇස්ටල් කැපිටල් නමින් හඳුන්වන තැරැව්කාර සමාගම් නොවන තමන්ට අයත් වෙනත් සමාගම් දෙකක් තැරැව්කාර සමාගම් ලෙස හඳුන්වා දෙමින් ඉන්වොයිස් ඉදිරිපත් කර සැකකරු තැරැව්කාර ගාස්තු ලෙස එක් කෝටි අනූහත් ලක්ෂ විසිතුන් දහස් පන්සිය හතළිස් එකක මුදල චෙක් පත් මඟින් ලබාගෙන මෙම වංචා කර ඇත.
නැෂනල් වෙල්ත් කෝපරේෂන් සහ නැට් වෙල්ත් කෝපරේෂන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංශයේ අංශ 5 ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

විත්තිකරු තුවාන් රිසාක් කැම්බල් නමැත්තෙකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon