රටේ පවතින්නේ කොත්තු රොටි සංවර්ධනයක් : සද්දේ විතරයි, රොටිය අල්ලෙන් එකයි

  👤  3298 readers have read this article !
By mawbima 2017-09-22

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පෙරවරු 9.30ට රැස්වුණේ එහි සභාපති කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ එහිදි ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළේය.

අගමැතිගේ ප්‍රකාශය ගැන දිනේෂ් ගුණවර්ධන අදහස් ප්‍රකාශ කරද්දී ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු කිහිපදෙනකු ඔහු සමඟ වලියකට පැටලුණි.
"අතුරු වාර්තාව සුළු පිරිසකගේ මනසේ තිබූ අදහස් මත සකස් කළ එකක් බවට චෝදනා කළ දිනේෂ්, ජනතාව කියන්නෙ එන්.ජී.ඕ. කාරයෝ නොවේ. ජනතාව කියන්නේ ජනතාවයි. ඒකීය රාජ්‍යය තිබිය යුතුයි. එහි නම ඉංග්‍රීසියෙන් එකක් දෙමළෙන් තව එකක් විය යුතු නාඩගමක් වියයුතු නැහැ. එහි කරුණු ගණනාවක් තියෙනවා" කියමින් දිනේෂ් උද්වේගකාරී කතාවක් කියද්දී කතානායකවරයා කීවේ කතාව කෙටිකරන ලෙසයි.
දිනේෂ්ට කේන්ති ගියේය.

"මා නියෝජනය කරන්නෙ මන්ත්‍රිවරු පනස් හතරක්. ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද ක්‍රමය අද මරලා.
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ගැන කතා කරනවා.
"මන්ත්‍රිතුමා කතාව අවසන් කරන්න" කතානායක කීය.
"හැමදාම කතානායකතුමා කරන්නෙ මේකයි. මට කතා කරන්න දෙන්නෙ නැහැ" කියමින් වේගයෙන් කථා කළේය. රවි කරුණානායක හා දයාසිරි ජයසේකර ද නැඟිට බාධා කරමින් රීති ප්‍රශ්න සඳහා අවස්ථාව ඉල්ලන්නට විය. සාලින්ද දිසානායක හිටියේ දිනේෂ් අසලය. ඔහු පැටලුණේ රාජිත සේනාරත්න ඇමැති සමඟය. ඒ සමඟම වාසුදේව හා රාජිතද පැටලුණේය. ආණ්ඩු පක්ෂයෙන් ජාතිවාදියා යැයි කියනු ඇසිණි. ඇමැති මනෝ ගනේෂන් ද නැඟිට්ටේය.
'යෝජනා විනාශ කරන්න එපා. මමත් කමිටු සාමාජිකයෙක්. බුදු දහමට තියෙන තැන වෙනස් වෙන්නෙ නෑ. ඒ තැන අඟලක්වත් වෙනස් කරන්න අපි ඉඩ දෙන්නෙ නැහැ. මනෝ ගනේෂන් දිගටම කියාගෙන ගියේය.
වේලාව උදේ 10.25යි. කතානායකවරයා ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීම නිම කළේය. පාර්ලිමේන්තු රැස්වීම සඳහා මන්ත්‍රිවරු කැඳවන සීනුව නාද කෙරිණි.
උදය ප්‍රභාත් ගම්මන්පිල මන්ත්‍රිවරයා අගමැතිවරයාගෙන් අසා තිබූ පැනයකට රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා උත්තර දුන්නේය.
"දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමට හා සංකල්පීය පත්‍රිකා සැකසීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ගෙවීම් කළ තැනැත්තන් හා ගෙවූ මුදල් ප්‍රමාණය කොපමණද?

"ඒ සඳහා මේ අමාත්‍යාංශය කිසිදු මුදලක් ගෙවා නැහැ." නිරෝෂන් පෙරේරා කීවේය.
'හිටපු අධිකරණ ඇමැතිතුමාගෙන් මා මේ ප්‍රශ්නය ඇහුව එතකොට කීවෙ මේ අමාත්‍යාංශයෙන් ගෙවන ලද බවයි. ඒකයි මා මේ ප්‍රශ්නය ඇහුවේ යැයි උදය ගම්මන්පිල කීවේය. ඔහු නිකමටම ප්‍රශ්නය ඇසුවා විය නොහැකිය. කාට හෝ මිලියනයක් දෙකක් ගෙවා ඇතැයි දැන ගෙන විය හැකි යැයි කිව නොහැකිද?
මන්ත්‍රි බන්දුල ගුණවර්ධන 'තිරසාර සංවර්ධනය සම්බන්ධ විවාදයට එක්වෙමින්' රටේ පවතින්නේ කොත්තු රොටි සංවර්ධනයක්. 'තට්ටු විස්සක ගොඩනැඟිල්ලක් හදනවා වගෙයි කොත්තු රොටි ගහන සද්දෙ' අතට අරන් රොටිය බැලුවාම අතින් එකක්වත් නැහැ"

බන්දුල ගුණවර්ධනට පසු කතා කළේ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයායි.
"කන්න තුනක් නියඟ නිසා වගා කර නැහැ. රටේ ආර්ථිකය සෘණ 3.6ක් බව මහ බැංකු වාර්තාව කියනවා. එහෙම නේද බන්දුල ගුණවර්ධන ශූරිනි?"
තිරසර සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැතිවරයාට වනජීවී විෂය ද භාරය. බිමල් රත්නායකට ප්‍රශ්නය වුණේ දෙහිවල සත්තුවත්ත රාත්‍රි කාලයට විවෘත කිරීම ගැනය. "බුද්ධ ශාසන ඇමැතිතුමා මේ කරන්න යන්නේ පව් වැඩක්. මුදල් අයකර සිදුකරන්න යන මෝඩ වැඩක්" බිමල් චෝදනා කළේය.
තුෂාර ඉඳුනිල් අමරසේන කතාව පටන් ගත්තේ බිමල් රත්නායකට පසුවය. ගාමිණී ජයවික්‍රමගෙන් ඇසූ පැනයකට තුෂාර පිළිතුරු දෙමින් කතාව අරඹන්නට හැදුවේය. බිමල් ප්‍රශ්නයක් අසමින් ඊට හරස් විය. "තමුන්නාන්සේ ලොක්කෙක් කියලද හිතාගෙන ඉන්නෙ?" බිමල් මැටිකතාවක් කියන්න ඇත.
"කවුද ඕයි මැටි කැපුවේ? තමුසෙගෙ රෙද්ද.." තුෂාර ඉඳුනිල්ට යක්ෂයා ආරූඪ විය.
"මා ප්‍රශ්නය යොමු කළේ විෂයභාර ඇමැතිට. මේ පණ්ඩිතයන්ට නොවේ" බිමල් රීති ප්‍රශ්නයකින් කීවේය.
"මිනිසුන්ගෙ බෙලි කපලා ඉවරවෙලා මැටි කැපුව කියලා අපට චෝදනා කරනවා... නිශාචරයො..." කියමින් බිමල් පිටවී ගියේය.
මහාචාර්ය බිමල් රත්නායක මහතා මේ ටික අහ ගත්තොත් හොඳයි. ගංගා ඇළ ‍ෙදාළ වනසපු වනසත්තු මරා ගෙන කාපු... මිනිස්සුන්ගෙ බෙලි කපපු අය තමයි අද කතා කරන්නෙ..." තුෂාර ඉඳුනිල් කියමින් සිනාසුණේය.

සුමේධා ජයසේන ඇමැතිනියට පද්ම උදයශාන්ත මන්ත්‍රි හමුවුණේ පාර්ලිමේන්තු පුස්තකාලය අසලදීය.
"අක්කා ඊයේ ඡන්දෙ දුන්නා නේද යෝජනාවට. ඔයා දන්නවද වෙන දේ ඡන්දෙ කල් යනවා. පද්ම උදය සුමේධාට ගෞරවයෙන් කීවේය.
"ඡන්දෙ කල් යන්න අපි ඉඩ දෙන්නෙ නෑ. ඒක වාර්තාවේ තියනවා අපේ අරමුණ කාන්තා නියෝජනය වැඩි කරන්න"
"මාර්තුවලත් නැහැ. කල් යනවා. ඊයේ සංශෝධන මෙම අවාසියි.

ඒවාට ඉඩ දෙන්නෙ නැහැ.... මල්ලිලා සාරි පොටක් ගැන කියලා ඊයේ කෑගැහුවා. මේ සාරි පොටේ එල්ලිලා තමයි මල්ලි පාර්ලිමේන්තු ආවේ... කියමින් සුමේධා සාරිපොට උදයට පෙන්වුවාය.

දයා පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon