දේදුනු ආකාසේ...ලස්සන කොල්ලා සියදිවි නසාගත්තේ ඇයි?

  👤  4792 readers have read this article !
By mawbima 2017-09-26

ජනප්‍රිය රංගන ශිල්පියකු සහ නිරූපණ ශිල්පියකු වූ දසුන් නිශාන් මහතා පන්නිපිටිය, පැලන්වත්ත ප්‍රදේශයේ පිහිටි සිය බෝඩිමේදී ගෙල වැලලාගෙන ඊයේ (25දා) සියදිවි හානි කරගෙන තිබේ.

ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඇතිව තිබූ සිත් රිදීමක් මුල් කර ගනිමින් ඔහු මෙලෙස සියදිවි හානි කර ගෙන ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි.

මිය යෑමට සති කිහිපයකට ඉහතදී දසුන් නිශාන් සිය ෆේස්බුක් ගිණුමෙහි මෙවැනි සටහනක්ද කර තිබිණි.
"දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹුරට ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩි කොට අධ්ර්ථී"
දසුන් නිශාන් විවාහ ගිවිසගෙන සිටි බව පොලිසිය පවසයි. සිරස ටී.වී විකාශය වන 'පැහැසරා', 'රතුපිච්ච' යන නාට්‍යවලටද සිය රංගනයෙන් දායක වූ දසුන් නිශාන් හිරු ටී.වී. විකාශය වූ 'කවුරුන්ද නුඹ මගේ' නාට්‍යය සඳහා ද රංගනයෙන් දායක වී ඇත.
තිරගත වීමට නියමිත 'දේදුනු ආකාසේ' චිත්‍රපටයටද ඔහු සිය රංගන දායකත්වය සපයා තිබේ.
මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ පිළියන්දල පොලිසියේ කණ්ඩායමක්ද එම බෝඩිමට ගොස් ඇත.
ඊයේ පස්වරුව වන විටත් ඊට අදාළ විමර්ශන කටයුතු සිදු වෙමින් පැවතිණි.
පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
දසුන් නිශන් ගෙල වැලලාගැනීමට ප්‍රථම ඔහුගේ ස්මාට් ජංගම දුරකතනයේ වීඩියෝ පහසුකම උපයෝගී කර ගනිමින් ගෙල වැලලාගන්නා ස්ථානය පෙනෙන පරිදි එම දුරකතනය රඳවා තිබේ.

අනතුරුව ඔහු සිය බෝඩිමේ විදුලි පංකාවට ලණුවේ තොණ්ඩුව දමා සිය ගෙලට අනෙක් තොණ්ඩුව දමා තත්පර 30ක කාලයක් කල්පනාසහගතව සිට ඇත.
ඉන් අනතුරුව ඔහු ගෙල සිරවන ආකාරයට බිමට පැන ඇති නමුත් එම අවස්ථාවේදී ඔහු බිම ඇද වැටී තිබේ.
එහෙත් දෙවැනි වර නැවත තොණ්ඩුව දමා ගෙල වැලලාගෙන සිය දිවි හානිකර ගන්නා ආකාරය එම වීඩියෝ දර්ශනවල සඳහන් වන බවද වාර්තා වේ.
මෙම සිද්ධිය පිළිබඳව ඊයේ දහවල් 12.30ට පමණ පිළියන්දල පොලිසියට වාර්තා වී තිබිණි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර කළුබෝවිල රෝහලට රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (26දා) පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon