අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාංශය වහා පිහිටුවන්න

  👤  3191 readers have read this article !
By mawbima 2017-09-26

උදයන්ති මුණසිංහ

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාංශය වහා පිහිටුවිය යුතු බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.
ඔහු මේ බව පැවැසුවේ සමාජය හා සාමයික කේන්ද්‍රයේදී වමේ කේන්ද්‍රය ඇතුළු පුරවැසි සංවිධාන එකමුතුව සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වත්මන් ආණ්ඩුව මේ කාර්යාංශය පිහිටුවීමට පසු බට වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බලපෑම හේතුවෙන් දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කළ පරිදි හමුදාවේ සුළු පිරිසක් අපරාධවලට සම්බන්ධ වීම නිසා සමස්ත හමුදාවම අපකීර්තියට ලක් වූ බවට සිදු කළ ප්‍රකාශය සත්‍ය බවත් එම සුළු පිරිසක් නිසා සිදු වූ අපකීර්තිය නැති කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon