ලංකා කම්කරු කොංග්‍රස් මහ ලේකම් තනතුරට ආරුමුගන් තොණ්ඩමාන්

  👤  3086 readers have read this article !
By mawbima 2017-09-26

නොර්වුඩ් - රිද්මි මිලින්දිකා

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගන් තොණ්ඩමාන් මහතාව එම පක්ෂයේ ජාතික සභාව විසින් ඊයේ (25දා) පත් කර ගන්නා ලදී. පක්ෂයේ ජාතික මහ සම්මේලනය ඊයේ (25දා) කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී පැවැත්විණි. එම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුත්තු සිවලිංගම් මහතා යළිත් පත් කර ගත් අතර එම පක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය නායක තනතුරක් අලුතින් ඇති කර ගත් අතර එම තනතුරට එස්. රාමචන්ද්‍රන් මහතාව තෝරා පත් කරගනු ලැබීය.

මීට අමතරව එම පක්ෂයේ උප සභාපතිවරුන් 15 දෙනකුද ඡන්දයකින් තෝරා පත්කර ගනු ලැබිණි. මේ ජාතික මහා සම්මේලනය අවසන් වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී පක්ෂයේ සභාපති මුත්තු සිවලිංගම් මහතා කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට තම පක්ෂය සූදානම් බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්