පොල්වලට පාලන මිලක් පනවන්න බෑ

  👤  3200 readers have read this article !
By mawbima 2017-09-26

ආරියරත්න ගනේගොඩ

පොල් සඳහා පාලන මිලක් පැනවීම සම්බන්ධයෙන් සලකා බැලීමට ඊට අදාළ තොරතුරු පොල්වගා කිරීමේ මණ්ඩලය මඟින් තමන් වෙත ලබාදිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි සභාපති හසිත තිලකරත්න මහතා මේ බව කියා සිටියේ පොල් සඳහා උපරිම මිලක් නියම කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් 'මව්බිම' කළ විමසීමකදීය.
රටේ විවිධ ප්‍රදේශවල ඉහළ මිල ගණන්වලට පොල් අලෙවි කෙරෙන බැවින් ඒ සඳහා පාලන මිලක් පැනවීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව පොල්වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා කියයි.

වාණිජ කටයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා 'මව්බිම'ට කියා සිටියේ පොල් සඳහා පාලන මිලක් පැනවීමේ හැකියාවක් නොමැති බවයි. එසේ වුවත් සාමාන්‍ය මිලට ජනතාවට පොල් ලබාගත හැකි වැඩපිළිවෙළක් අනිවාර්යයෙන්ම සකස් කරන බව ඇමැතිවරයා සඳහන් කළේය.
මධ්‍යම කඳුකරයට අයත් හැටන් බගවන්තලාව, නානුඔය,

නුවරඑළිය, රාගල, පූඩළුඔය පොල් මිල ඉහළ ගොස් තිබෙන බව නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි කේ. එච්. දහනායක මහතා 'මව්බිම'ට පැවැසීය.
උතුරු පළාතට අයත් ප්‍රදේශවල පොල් ගෙඩියක් අලෙවි කරන්නේ රුපියල් 90 - 100ත් අතර මුදලකටය.
කොළඹ නගරයේ පදිංචිව සිටින බහුතරයක්ම පොල් ගෙඩියකින් බෑයක් මිලදී ගැනීමට පුරුදුවී සිටිති. පොල් බෑයක් මැෂිමෙන් ගා දීමට තවත් රුපියල් 50ක මුදලක් අයකරන බව කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි තුෂාර හේමන්ත (මංජු) මහතා 'මව්බිම'ට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon