හිටපු ජනපති කතරගම ආගමික වතාවත්වල

  👤  3135 readers have read this article !
By mawbima 2017-09-26

කතරගම - ඩී. එන්. කලුආරච්චි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (24දා) රාත්‍රි රුහුණු කතරගම දේවාලය වෙත පැමිණ ආගමික වතාවත් රැසකට එක්විය.
කතරගම කිරිවෙහෙර වෙත ගොස් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව කතරගම දේවාලය භූමියට පැමිණි රාජපක්‍ෂ මහතා කතරගම අෂ්ටඵල බෝධියට පූජාවක් පවත්වා අනතුරුව මහා දේවාලය වෙත ගොස් පලතුරු පූජාවක් තබා දේව ආශීර්වාදය ලබා ගත්තේය.

මෙම ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් විසිනි.
මහින්ද රාජපක්‍ෂ මහතා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණ තිස්ස හිමියන්ද බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්