බැඳුම්කර වංචාවේ හොරුන්ට ගැලවෙන්න ඉඩක් නැහැ

  👤  3181 readers have read this article !
By mawbima 2017-09-26

වැලිවිටිය - දිවිතුර උපුල් මහේෂ් / බද්දේගම - ඕ. කමලනාථ

බැඳුම්කර වංචාවේ ප්‍රශ්නය ජනාධිපති ප්‍රශ්නයක් විදියට දැක්කා. ඒ නිසා පත්කරපු කොමිසම දැන් විභාග කරගෙන යනවා. ඊළඟ පියවර කඩිනමින් ගන්නවා. හොරුන්ට ගැලවෙන්න ඉඩක් නැහැ. සියලු දෙනාම අල්ලා කූඩුවට දාන්න අවශ්‍ය කටයුතු ආරම්භ කරලා තියෙන්නේ යැයි වරාය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා බද්දේගමදී පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටියදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

ඒක මහා විශාල මහ දවල් කරපු බැංකු මංකොල්ලයක්, ඒකට අවශ්‍ය පිළිතුරු ලැබෙනවා. තවත් පොඩි පොඩි සිද්ධි තියෙනවා නැතුවා නොවේ. ඉතින් ආණ්ඩුවක් කරන කොට ඔය වගේ ගැටලු මතු වෙනවා. ඒවටත් ඒ ආකාරයෙන්ම හොරු අල්ලන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ගිය ආණ්ඩුවේ නොවේ මේ ආණ්ඩුවේ හොරුත් දැන් අල්ලන් යනවා.

මේ ආණ්ඩුවට අපි එකතු වුණා නම් මේ ආණ්ඩුවේ තියෙන වරප්‍රසාද අපට ලැබෙනවා. අපි ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා කරන ආණ්ඩුවක් 50%ට 50 අපිටත් ලැබෙන දේවල් ලැබෙන්න ඕන. නැත්නම් අත කහනවට නොවේ ආවේ. අපේ පාක්ෂිකයන් වෙනුවෙන් ඒ සියලු අවස්ථා ‍ෙදාරවල් විවර කරලා තියෙන්නේ. ඒ ‍ෙදාරවල් වහන්න බැහැ කාටවත්. ඒක අපි මේ ආණ්ඩුවට එක්වීමේ තියෙන අයිතියක් යැයිද පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon