ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වාර්තා චිත්‍රපට පෙළක් විකාශනය කිරීමේ අවබෝධතා ගිවිසුමට අස්සන්

  👤  3069 readers have read this article !
By mawbima 2017-09-26

සවනි ශේශාධි

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වාර්තා චිත්‍රපට පෙළක් නිෂ්පාදනය කොට විකාශනය කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට පසුගියදා අස්සන් කෙරිණි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත්, ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි සංස්ථාවත් අතර අස්සන් කෙරුණු මේ ගිවිසුම හරහා මාධ්‍ය නිදහස, ජීවත්වීමේ අයිතිය, මානුෂීය අතුරුදන්වීම, තොරතුරු දැනගැනීමේ පනත වැනි තෝරා ගත් ක්‍ෂේත්‍ර දහයක සත්‍ය කතා පිළිබිඹු වන අයුරින් මේ වාර්තා චිත්‍රපට ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස නිෂ්පාදනය කිරීමේ ගිවිසුමකට එළැඹ තිබිණි.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පරිශ්‍රයේදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය හා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවි ජයවර්ධන අතර අස්සන් කෙරුණු මේ අවබෝධතා ගිවිසුම් ව්‍යාපෘතියට ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ ජගත් ලියනාරච්චි, ශාන් විජේතුංග, තරිඳු ජයවර්ධන, බි්‍රටෝ ප්‍රනාන්දු, කසුන් පුස්සවෙල හා අනෝමා රාජකරුණා යන පිරිසගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක සහාය හිමි වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්