උසාවියට කරුණු දක්වන්නැයි එන්ට්‍රස්ට් සමාගමේ සභාපතිට නොතීසි

  👤  3063 readers have read this article !
By mawbima 2017-09-26

අමිල අබේරත්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් වශයෙන් පැවැති එන්ට්‍රස්ට් සමාගම විසින් රජයේ මුදලින් රුපියල් මිලියන 4223ක් අවභාවිත කරමින් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනයන්ට සම්බන්ධ ලේඛන පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට මේ මස 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස එන්ට්‍රස්ට් සමාගම් සමූහයේ සභාපතිවරයා වූ ඉසිර ධර්මප්‍රිය බණ්ඩාර දසනායක නමැත්තාට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නොතීසි නිකුත් කළාය.

එසේ නොතීසි නිකුත් කළේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (ජ්ඛ්ධ්ච්) මඟිින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට පසුවය. එන්ට්‍රස්ට් සමාගමේ ගනුදෙනුවලට අදාළ පරිගණක දත්තවලින් කොටසක් පරීක්ෂාකර රජයේ රස පරීක්ෂකවරයාට යවා ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටි අතර තවත් කොටසක් පරීක්ෂා කිරීමට තිබෙන බවද දක්වනු ලැබීය.
පරිගණක දත්ත පරීක්ෂා කිරීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන්ට සහය ලබාදෙන ලෙස ඉසිර ධර්මප්‍රිය නමැත්තාට කොටුව මහෙස්ත්‍රාත්වරිය පසුගිය නඩු වාරයේදී දන්වා සිටි අතර ඔහු විසින් මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන්ට ඒ සඳහා සහය ලබා දී තිබිණි.
මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් එම සමාගමේ ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහාද ඔහුගෙන් සහය ඉල්ලා ඇති අතර අධිකරණය දන්වා සිටියේ පරිගණක දත්ත පරීක්ෂා කිරීමට සහාය දැක්වීමට පමණය යන්න ප්‍රකාශ කරමින් ඔහු විසින් සහාය දැක්වීමට විරෝධතාව ප්‍රකාශ කිරීම මත ඒ සඳහා සහාය දක්වන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්