කහ පැහැති බෞද්ධ චීවරය මහින්දලා, රනිල්ලා රත් පැහැ ගැන්වූවා

  👤  3245 readers have read this article !
By mawbima 2017-09-26

සඟ සමුළුවක් පවත්වන විට එක කහ පාට කොඩියක් නොදමා රතු කොඩි පමණක් දැම්මේ' ඇයි සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා ඇති. 'කසා වර්ණයෙන් යුක්ත ශ්‍රී බෞද්ධ චීවරය රක්ත වර්ණයෙන් සැරසුවේ රාජපක්ෂ ආණ්ඩුව සහ වික්‍රමසිංහ ආණ්ඩුවයි. සරසවි සිසුන් මෙරට අධ්‍යාපන නිදහස ඉල්ලා කොළඹ අගනගරයට පැමිණෙන විට එයට පහරදී ශිෂ්‍ය භික්ෂුන්ගේ චීවරය රත්පැහැ කළේ මෙම ආණ්ඩු දෙක' බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කෙළේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂු බල මණ්ඩලය විසින් මහරගම නගරයේදී සංවිධානය කර තිබූ සඟ සමුළුවකදී අදහස් පළ කරමිනි. මෙම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ පා ගමනින් ජයවර්ධනපුර සරසවි පරිශ්‍රයේ සිට මහරගම නගරය දක්වා වැඩම කරනු ලැබූහ.

මෙම සඟ සමුළුවේදී වැඩිදුරටත් අදහස් පළ කළ ළහිරු වීරසේකර මහතා මෙසේද ප්‍රකාශ කෙළේය. 'එදා කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය රටට හඳුන්වා දෙන විට නගරයේ සිටි වික්‍රමසිංහලාගේ අතීත පරපුරේ අය ගමේ සිටි රාජපක්ෂලාගේ අතීත පරපුරේ අය ගහකට නග්ගලා ගෙඩියක් කඩා ගන්න හිටිය දුප්පත් ළමයින්ට නිදහස් අධ්‍යාපනයක් ලබාදීම පිළිබඳව සතුටු වූයේ නැහැ. මේ මිනිසුන් එදා සිට නොයෙක් විලාසයෙන් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට උප්පරවැට්ටි නිර්මාණය කළා. රටේ අගනුවර ලෝකයට පේන්න විශාල නෙලුම් කුලුනු ඉදි කළද, මේ රටේ ලක්ෂ හතරක් පාසල් සිසුන් පාසල් යන්නේ නැත්තේ ඔවුන්ගේ ජීවිත වෙළාගෙන තිබෙන දුගී දුප්පත්කම නිසයි. එසේ දහසක් බාධක මැද විශ්වවිද්‍යාලයට පැමිණෙන සරසවි සිසුවාට මෙන්ම උසස් අධ්‍යාපනයට පිවිසෙන සාමාන්‍ය මධ්‍යම පන්තියේ සිසුන්ට සිය අධ්‍යාපන වරම් අහිමි කර අද නෙවිල් ප්‍රනාන්දු වැනි අධ්‍යාපන මුදලාලිලාට මේ උසස් අධ්‍යාපනයේ වෛද්‍ය අධ්‍යාපනය විකෘති කිරීමට ඉඩ දී අද මෛත්‍රි රනිල් ආණ්ඩුව බලා සිටිනවා.

නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් අධ්‍යාපන කඩේ වෛද්‍ය අධ්‍යාපනය බාල බව එදා කාලෝ ෆොන්සේකා ප්‍රධාන වෛද්‍ය කවුන්සිලය පෙන්වා දෙන කොට අපේ දේශපාලන නඩය එය පිළිගැනීමට කැමැති වූයේ නැහැ. එහෙත් දැන් මහා බි්‍රතාන්‍යයේ වෛද්‍ය කවුන්සිලයද සයිටම් වෛද්‍ය උපාධිය පිළිනොගන්නා බව ප්‍රකාශ කරනා විට කිසිවකු ඊට එරෙහිව කිසිදු මතයක් පළ කිරීමට බිය වූවා. එහෙත් මේ සත්‍යය පාලකයන්ට පෙන්වා දීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් කී දෙනකු පොලිස් බැටන් පහරට මැදිව රුධිරය වගුරන්න ඇතිද?

'අප රටේ පාලකයන් නොදන්නා එකම දෙය නම් ඔවුන් වසර කිහිපයක් සඳහා රට පාලනය කිරීමට පැමිණි කොන්ත්‍රාත්කරුවන් පිරිසක් පමණක් බව. ඔවුන් වසර පහක හෝ හයක කෙටි කාලය තුළදී වසර ගණනාවකින් විසඳිය නොහැකි ගැටලු රටට නිර්මාණය කර තබා යනවා.

බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon