සාග් වෛද්‍ය විදුහල ඉදිකිරීමේ සැලැසුම් දෙසැම්බරයේ අවසන්

  👤  3476 readers have read this article !
By mawbima 2017-09-26

උදයන්ති මුණසිංහ

සාග් වෛද්‍ය විද්‍යාලය මෙරට ඉදිකිරීමේ සැලසුම් එළැඹෙන දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

සාග් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොළඹ පැවැති සාග් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සැසිවාරයේදී මෙම වෛද්‍ය විද්‍යාලය මෙරට ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත් කොට තිබේ.

එම වෛද්‍ය විද්‍යාලය මෙරට ඉදිකිරීමෙන් පසු දකුණු ආසියාතික රටවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙරටට පැමිණ පහසු ගෙවීමේ ක්‍රම යටතේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ අවස්ථාව උදා වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon