රන්ජන්ට එරෙහි නඩුව විභාගයට

  👤  3881 readers have read this article !
By mawbima 2017-10-13

කමල් මහේන්ද්‍ර වීරරත්න

'මේ රටේ විනිශ්චයකාරවරුන් හා නීතිඥවරුන් අතරින් බහුතරයක්ම දූෂිතයන්ය' යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් අධිකරණයට බරපතළ අපහාසයක් කරන ලදැයි රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට එරෙහිව වූ නඩුව විභාගයට ගැනීමට ශේ‍ර්ෂ්ඨාධිකරණය ඊයේ (12දා) තීන්දු කළේය.

ඒ අනුව මේ මස 25 වැනි දින ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට එකී වරද සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඇතොත් ඒවා ප්‍රකාශ කරන ලෙසට දන්වමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට සිතාසි නිකුත් කළේය.

මෙම බරපතළ කරුණ සම්බන්ධයෙන් සොයා බලා වහා පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ පැමිණිලි දෙකක්ම ඉදිරිපත්ව තිබූ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයද එකී කරුණ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගේ අවධානය යොමු කරවනු ලැබ තිබිණි.

පෙත්සම් දෙක යොමුකොට ඇත්තේ පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් විසින් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරි රණවකගේ සුනිල් පෙරේරා මහතා විසිනි.
මෙම පෙත්සම් දෙක ඊයේ බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ හා අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ කැඳවනු ලැබීය.
එහිදී නීතිඥ එන්.එස්. විජේසිංහ මහතාගේ උපදෙස් මත නීතිඥ සඳුන් සේනාධිපති සමඟ නීතිඥ රසික දිසානායක මහතා ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon