කන පැලූ ASP මාතරට මාරු

  👤  3666 readers have read this article !
By mawbima 2017-10-13

චාමර අමරසූරිය

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට පැවැරීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත් තරුණයකුගේ කනට පහර දුන් සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර පොලිස් කොට්ඨාසයට මාරු කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව රැස් වූ ඊයේ (12දා) දින මෙම තීරණය ගත් බව එහි ලේකම් ආරියදාස කුරේ මහතා 'මව්බිම' කළ විමසුමකදී පැවැසීය.
මෙම සාකච්ඡාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද සහභාගි වී ඇති අතර සහකාර පොලිස් අධිකාරිවරයාගේ ක්‍රියාව එහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් ඉකුත් 10 වැනි දින පොලිස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව සහකාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් විමර්ශනයන්ද ආරම්භ කළ බව ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.

එම විමර්ශනයට ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි අංශයේ අධ්‍යක්ෂ මහින්ද මොරගොල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවද හෙතෙම පැවැසීය.

සති දෙකක් පමණ කාලයක් ඇතුළත එම විමර්ශනය සිදු කර අවසන් කිරීමට අදහස් කර ඇති බවත් විමර්ශන වාර්තාවෙන් අනතුරුව සහකාර පොලිස් අධිකාරි දළුවත්ත මහතා සම්බන්ධයෙන් ඉදිරි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon