කැත වැඩක් කරන්න ගිහින් වරද්ද ගත්ත සෙබළා සොයා ගම්මු කඳවුර වට කරති

  👤  3828 readers have read this article !
By mawbima 2017-10-13

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය,
අනුරාධපුර _ එරන්ද ශෂිප්‍රිය

තලාව පොලිස් වසමේ යුද හමුදා කඳවුරක සේවයේ නියුතු සෙබළකු කඳවුර ආසන්නයේ පිහිටි නිවෙසකට රාත්‍රියේ අයුතු ලෙස ඇතුළු වී තරුණියකට අතවරයක් සිදුකර පලාවිත් ක¼දවුරට ඇතුළුවීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ගම්මුන් විශාල පිරිසක් කැති පොලු අතැතිව කඳවුර වටලා සෙබළා සිය භාරයට දෙන ලෙස ඉල්ලමින් ඊයේ (12දා) අලුයම වනතෙක් නොසන්සුන්කාරී අයුරින් හැසිරී තිබේ.

පෙරේදා (11දා) රාත්‍රියේ සැකකාර යුද හමුදා සෙබළා හමුදා කඳවුර ආසන්නයේ පිහිටි නිවෙසක පදිංචි තරුණියක් රාත්‍රි ආහාරය ගෙන අත සෝදා ගැනීමට පිටතට පැමිණෙද්දී සැඟවී සිට ඇගේ අතින් අල්ලා ඇති බවත් ඇය කෑ ගැසීම නිසා බියට පත් වූ සෙබළා පලා යෑමත් සමඟ මේ තත්ත්වය උද්ගතවූ බව තලාව පොලිසිය පැවැසුවේය.

සැකකරු පලා යන අවස්ථාවේ ඔහු යුද හමුදා කඳවුරේ පිහිටි ආපන ශාලාවේ සේවයේ නියුතු සෙබළකු බව ඇගේ මව හා අසල්වැසි තරුණයන් දෙදෙනකු හඳුනාගෙන තිබෙන අතර ඔහු දිවගොස් කඳවුරට ඇතුළු වූ පසු ප්‍රධාන පිවිසුම් ගේට්ටුව වසා දැමීමට සෙබළුන් කටයුතු කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබේ.
නොසන්සුන්කාරී තත්ත්වයක් ගැන පොලිස් හදිසි ඇමැතුම් අංශයට (119) ලැබුණු පැමිණිල්ලක් මත තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලක්මාල් විජේරත්න මහතා වහාම පෙරේදා රාත්‍රි 11ට පමණ එහි ගොස් තිබේ.

රත්මල්ගහවැව ගම්මානයේ පදිංචි පිරිමි හා කාන්තාවන් 150කට ආසන්න පිරිසක් කැති පොලු අතැතිව කෑකෝ ගසමින් හූ කියමින් යුද හමුදා සෙබළාව තමන් භාරයට දෙන ලෙස ඉල්ලද්දී පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරු සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරන තුරු සන්සුන්ව සිටින ලෙසත් ස්ථානාධිපතිවරයා ඔවුන්ට දන්වා තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරයා කඳවුර තුළට ගොස් සැකකාර යුද හමුදා සෙබළාව පොලිස් භාරයට දෙන ලෙස ඉල්ලා ඇති අතර ඔහු ක¼දවුරෙන් පලාගොස් ඇති බව එහි සිටි නිලධාරීන් පවසා තිබේ. සෙබළාට පලා යෑමට අවස්ථාවක් නැති බවත් වහාම ඔහුව පොලිස් භාරයට පත් කරන ලෙසත් ස්ථානාධිපතිවරයා නිලධාරීන්ට දැන්වූ අවස්ථාවේ යුද හමුදා උසස් නිලධාරීන්ට සිද්ධිය ගැන දන්වා සැකකාර සෙබළා පොලිසියට භාරදීමට කටයුතු කර තිබිණි.

සැකකාර සෙබළා පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමත් සමඟ යුද හමුදා කඳවුර ඉදිරිපිට පැය හතරකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ පිරිස විසිරී ගොස් ඇත. මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි යුද හමුදා සෙබළා තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවට ඊයේ (12දා) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon