වන අලින්ට මැදිවී අකුරු කළ අඹන්පොළ ඕල්කොට් විදුහල ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් ලංකාවෙන් මුල්තැනට

  👤  3568 readers have read this article !
By mawbima 2017-10-13

අඹන්පොළ - මුදිතා කෞෂානි, යාපහුව - බණ්ඩාර හේරත්, අඹන්පෙල-ශ්‍රීමති විජේරත්න

වන අලි ගහන ගමකට මැදිව තහඩු සෙවිලි කළ තාවකාලික ගොඩනැඟිල්ලක අකුරු කළ වයඹ පළාතේ මහව අධ්‍යාපන කලාපයේ අඹන්පොළ පළාපත්වල ශ්‍රී මත් හෙන්රි ඕල්කොට් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය 2017 ශිෂ්‍යත්ව ප්‍රතිඵල පරිසාධන මට්ටම අනුව ලංකාවෙන්ම පළමු වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ.
වයඹ පළාතේ වසා දැමීමට නියමව පැවැති පාසල් ලැයිස්තුවට 2005 වසරේ ඇතුළත්ව පැවැති මේ පාසල දුෂ්කරතා රැසක් මධ්‍යයේ දරුවන්ගේ අධ්‍යාපන හැකියාව නංවමින් වයඹ පළාතේ කැපී පෙනෙන පාසලක් බවට ක්‍රම ක්‍රමයෙන් පත්විය. ඒ අනුව 2016 වසරේද ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් ලංකාවෙන් දස වැනි ස්ථානය ලබා ගත් මේ පාසල මෙවර සිසු දරුවන් විසි නව දෙනෙක් ශිෂ්‍යත්ව කඩඉම් විභාගයෙන් සමත් කර ලංකාවේ විශිෂ්ටතම පාසල බවට පත්වීමට සමත් වී ඇත. විද්‍යාලයේ ප්‍රථම සහ වත්මන් විදුහල්පති ඩබ්ලිව්.යූ. ධම්මික සමන්ත හේරත් මහතා කීවේ මෙවර විභාගය සඳහා දරුවන් හතළිස් හත් දෙනෙක් පෙනී සිටි බවත් ඉන් දරුවන් විසි නව දෙනකු කඩඉම් ලකුණු එකසිය හැටහතර ඉක්මවා ලබාගැනීමට සමත් වී ඇති බවයි.

එමෙන්ම වැඩිම ලකුණු ලබාගත් හිමාෂා ප්‍රභානි රස්නායක දැරිය ලකුණු එකසිය අසූ හතරක් ලබා ගැනීමට සමත් වී ඇති බවයි. මෙම දරුවන් සඳහා පන්ති භාර ගුරුවරයා ලෙස කටයුතු කළ එම්.ජේ. අනුර ධර්මසේන මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ නොමසුරුව ශිල්ප දායාදය ලැබුණු බවද හෙතෙම සිහිපත් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්