දීපවාලී උළෙලට වතු කම්කරුවන්ට රු. දසදහසක අත්තිකාරමක් දෙන්න

  👤  3541 readers have read this article !
By mawbima 2017-10-13

ආරියරත්න ගනේගොඩ

එළැඹෙන දීපවාලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ වතු කම්කරුවන් සඳහා රුපියල් දසදහසක උත්සව අත්තිකාරමක් ලබා දෙන්නැයි එක්සත් ලංකා කම්කරු සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

සංගමයේ ලේකම් වේලායුදම් සන්දනම් වීරසිංහම් මහතා ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ ඉල්ලීම කර තිබේ.
මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පාසල් සිසු සිසුවියන් මෙන්ම ගැබිනි මවුවරු මන්දපෝෂණයට ලක්ව ඇති බවද ලංකා කම්කරු සංගමයෙන් අග්‍රාමාත්‍යවරයා වෙත යවන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්