ජාතික විගණන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

  👤  3545 readers have read this article !
By mawbima 2017-10-13

දෙනගම ධම්මික රණවීර

ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය පළකොට ඇත.

ජාතික විගණන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතු වී ඇති විවිධ අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඊට සුදුසු සංශෝධන නිර්දේශ කිරීමට විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කොට තිබිණි. එම නිර්දේශ සලකා බැලූ කැබිනට් මණ්ඩලය විගණන සේවා කොමිෂන් සභාව මඟින් වාර්තා කරනු ලබන අවස්ථාවක යම් රජයේ නිලධාරියකුගේ නොසැලකිල්ල, අවභාවිතය, වංචාව හෝ දූෂණය හේතුවෙන් රජයට සිදුවන යම් අලාභයක් අදාළ නිලධාරියාගෙන් අධිභාරයක් ලෙස අය කර ගැනීමේ බලතල එම නිලධාරියා සේවය කරන ආයතනය අයත් වන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැවරීම හා එවැනි අධිභාරයකට යටත් කෙරෙන යම් රාජ්‍ය නිලධාරියකු කරන අභියාචනා හා විමර්ශන සඳහා ස්ථාපිත කරනු ලබන අභියාචන විමර්ශනය කිරීම සඳහා අධිභාර අභියාචනා කමිටුවක් 'ස්ථාපිත කිරීම ඇතුළු සංශෝධනවලට අවස්ථාව දෙමින් එම කැබිනට් අනුමැතිය පළකොට ඇත.'

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්