මාසික විදුලි බිල්පත් ප්‍රමාද වී ලැබීම අතිකාල නොගෙවීමත් බිල්පත් ප්‍රමාදයට හේතුවක්

  👤  3546 readers have read this article !
By mawbima 2017-10-13

හර්ෂනී අර්සකුලරත්න

මාසිකව ලැබෙන විදුලි බිල්පත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ලැබීමේ ප්‍රමාදයක් පවතින බවටත් එකවර මාස දෙකක බිල්පත් ලැබීම මඟින් එම විදුලි පාරිභෝගිකයන් මහත් අසීරුතාවකට පත්වන බවටත් විදුලි පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

මේ පිළිබඳව ලංවිම පාරිභෝගික සම්බන්ධීකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රියන්ත වික්‍රමසිංහගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ මේ සඳහා බලපා ඇත්තේ මෙතෙක් ගෙවූ අතිකාල දීමනා නොගෙවීම, රාජකාරි කටයුතු සතියේ දින 5ට සීමා කරමින් රාජකාරි කාල සීමා කිරීම හා පවතින සේවක හිඟකම බවයි.

එසේම දින අටක වැඩවර්ජනයට සහභාගි වූ ලංවිම සේවකයන් මර්දනය කිරීම වැනි සිදුවීම්ද මීට අනියමින් හේතුවිය හැකි යැයිද හෙතෙම පැවැසීය. පාරිභෝගික සම්බන්ධීකාරවරුන්ගේ නම් සැලකිය යුතු හිඟකමක් පවතින බව ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්