තරුණියකගේ ජංගම දුරකතනයක් පැහැර ගැනීමෙන් දෙපිරිසක් අතර ගැටුමක්

  👤  3645 readers have read this article !
By mawbima 2017-10-13

අනුරාධපුර _
මහේෂ් විජේසූරිය

තරුණියකගේ ජංගම දුරකතනයක් පැහැර ගැනීම නිසා දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ එක් පාර්ශ්වයක් පමණක් අධිකරණයට ඉදිරිපත් කර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයකුගේ බලපෑම මත ඔහුගේ ඥාති සහෝදරියගේ පාර්ශ්වය අධිකරණයට ඉදිරිපත් කිරීම උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන් පිරිසකගේ දැඩි බලපෑම නිසා වැපසුගියදා (21) අනුරාධපුර පොලිස් වසමේ ගල්පාලම ප්‍රදේශයේ පදිංචි තරුණියකගේ ජංගම දුරකතනයක් පෙරිමියන්කුලම පදිංචි තරුණයකු පැහැර ගැනීමේ සිදුවීමක් මුල්කරගෙන ඇතිවූ මේ ආරවුලකදී ලේකම්වරයාගේ බලතල අතට ගත් තරුණියගේ පියා පෙරිමියන්කුලමේ පදිංචි තරුණයාගේ නිවෙසට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි තිදෙනකුට සිදුකළ පහරදීමකින් අනතුරුව ගැටුමක් සිදුවී ඇති බව වාර්තා වේ.

පෙරිමියන්කුලමට පැමිණි තරුණියගේ පියා ඇතුළු තවත් පුද්ගලයකු තරුණයාගේ ඥාතීන් තිදෙනකුට පහරදී ඇති අතර ඊට ප්‍රති ප්‍රහාර ලෙස තරුණයාගේ පාර්ශ්වය මාර්ගයේ රැක සිට කඩු පොලුවලින් පහරදී තුවාල සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට දෙපාර්ශ්වයෙන්ම පැමිණිලි ලැබී ඇති අතර තරුණියගේ මවගේ ඥාති සහෝදරයකු වන නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයකු ඊට මැදිහත්වී උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට වහාම තරුණයාගේ පාර්ශ්වය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා තිබේ. ලේකම්වරයාගේ නියෝගවලට අනුව වහාම පරීක්‍ෂණ සිදුකරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ විමර්ශන අංශයට උපදෙස් දී ඇති අතර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා අනුරාධපුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා කිහිපවිටක්ම ලේකම්වරයාගේ නියෝග මත ඔවුන්ගේ සුවදුක් බැලීමටත් ගොස් තිබෙන බවත් වාර්තා වේ. එමෙන්ම ප්‍රහාරයට සම්බන්ධ තරුණයාගේ පාර්ශ්වය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට නියෝග නිකුත් කර තිබුණු අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

තරුණියගේ පියා සහ තවත් ඥාතියකුට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි ලැබී ඇතත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස උතුරුමැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ උසස් පොලිස් නිලධාරීන්ට බලපෑම් සිදුකරමින් යහපාලන ආණ්ඩුව නීතිය නවන බව අගතියට පත් වූ පාර්ශ්වයේ ඥාතියකු සඳහන් කළේය.

පෙරේදා (11දා) වන විටත් දරුණු ගැටුමක් නිර්මාණය කිරීමට මුලපිරූ නීතිය හා සාමය පිළිබ¼ද අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඥාති සහෝදරියගේ පාර්ශ්වය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමසීම සඳහා උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ එල්.පී.එස්. සඳුන්ගහවත්ත මහතාගේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජංගම දුරකතනයට කිහිප වරක්ම ඇමතුම් ලබාගත්තත් ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වීය.
එක් පාර්ශ්වයකට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවැසීය.

දෙපාර්ශ්වයටම නීතිය ක්‍රියාත්මක කරලා සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත්තා. අපි කවුරුත් පොලිස් නිලධාරීන්ට බලපෑම් කරලා නෑ. එක් පාර්ශ්වයකට ලේකම්වරයා සමඟ ඥාතිත්වයක් තියෙනවා. ගැටුමෙන් එම පාර්ශ්වයට දරුණු තුවාල සිදුව තිබෙන නිසා අපි ඒ පිළිබඳව නිරීක්‍ෂණයට ගියා යනුවෙන් ඒ මහතා පැවැසුවේය.
එහෙත් ලේකම්වරයාගේ පාර්ශ්වය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නැති බව අප නැවත පැවැසූ අවස්ථාවේ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ ඒ පිළිබ¼දව සොයා බලන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon