ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින බැවින් රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩු විභාගය 24දාට කල් දමයි

  👤  3623 readers have read this article !
By mawbima 2017-10-13

කේ.එස්. උදයකුමාර්

රුපියල් ලක්ෂ 412ක් වටිනා වත්කම් නීති විරෝධී ආකාරයට උපයාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය හා වත්මන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම මඟින් ගොනු කර ඇති නඩුව විභාග කිරීම කොළඹ මහාධිකරණය කල් දැමීය.
එම නඩුව ඊයේ (12දා) කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබිණි.

එහෙත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින බැවින් විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන මෙන් ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව නඩු විභාගය ලබන 24 වැනිදා පැවැත්වීමට නියෝග කළ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි අවවාද කළේය.

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අවධියේ සිය නීත්‍යනුකූල ආදායමට වඩා වැඩියෙන් රුපියල් ලක්ෂ 412ක් වටිනා වත්කම් අයථා ලෙස උපයා ගැනීම හරහා අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon