උසාවියේ සාක්කි කූඩුව අසල සිටි පොලිස් සැරයන්ට කාන්තාවක් පහර දීලා

  👤  3680 readers have read this article !
By mawbima 2017-10-13

තල්පිටිය - කහපොළගේ එස්. ප්‍රනාන්දු

පානදුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ කටයුතු පවත්වාගෙන යන අතරතුරදී අධිකරණයේ සාක්කි කූඩුව අසල සිටි බණ්ඩාරගම පොලිසියේ සැරයන්වරයකුට කාන්තාවක් විවෘත අධිකරණයේදී පහරදීම නිසා නඩු කටයුතු අතිරේක මහෙස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මියට පැය භාගයකට ඊයේ (12දා) දහවල් කල් දැමීමට සිදුවිණි.
මේ කාන්තාව මෙදින උදෑසන 8.30ට පමණ අධිකරණ භූමියේ ‍ෙදාරටුවේදී කලබැගෑනියක් කර පොලිස් කාන්තාවකටද බැන වැදී සැමියාටද පහරදී අධිකරණ ශාලාවට ඇතුළු වී සිටියාය. ඇය අධිකරණයට පැමිණ සිටියේ ඇගේ සැමියා සම්බන්ධ නඩුවකටය.

සැරයන්වරයාට පහරදීමෙන් පසුව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ. අතිරේක මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය උමතු රෝගයකින් පෙළෙන බවට සැකපහළ විය. ඇයව රක්ෂිත බන්ධනාගාරගත කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකාරිය මානසික රෝහල වෙත ඉදිරිපත් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියම කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon