අධි අවදානම් කලාපවල සිටින නිවාස 2,264ක් හඳුනාගෙන

  👤  3597 readers have read this article !
By mawbima 2017-10-13

ආරියරත්න ගනේගොඩ

දිස්ත්‍රික්ක රැසක අධි අවදානම් කලාපවල පිහිටි නිවාස 2,264ක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසයි.
ඒ අනුව කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් මෙම අවදානම් නිවාස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් සනිටුහන් කරගෙන ඇත.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නාය යෑම් පර්යේෂණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ගාමිණි ජයතිස්ස මහතා කියා සිටියේ මධ්‍ය අවදානම් කලාපවල නිවාස 4,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි.

මෙම අධි අවදානම් කලාප වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා සුදුසු ස්ථාන හඳුනා ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදුකෙරෙන බවද වැඩබලන අධ්‍යක්ෂවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon