යාපනය සරසවි සිසු පිරිසක් මාරාන්තික උපවාසයක

  👤  2609 readers have read this article !
By mawbima 2017-10-18

මුලතිව් - ශෂිකුමාර්, ලක්ෂ්මී ජයකොඩි

අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටින දේශපාලන සිරකරුවකු වවුනියාවට මාරු කරන්නැයි ඉල්ලා ඊයේ (17දා) උදෑසන යාපනය සරසවියේ කලා අංශයේ සිසුන් පිරිසක් සරසවිය ඉදිරිපිටදී මාරාන්තික උපවාසයක් ආරම්භ කොට ඇත.

මේ වනවිට සරසවිය ඉදිරිපිට ඇති මණ්ඩපයක් තුළ කලා අංශයේ සිසුන් 70ක් පමණ දෙනා මෙම මාරාන්තික උපවාසයේ නිරතව සිටිති.
උපවාසයේ නිරත වූ සිසුන් කියා සිටියේ දැනට අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරත දේශපාලන සිරකරුවන් තිදෙනා හෝ එම තිදෙනාගෙන් අයකු වන මදිඅරසන් සුලක්ෂන් නමැත්තා වහාම වවුනියාව බන්ධනාගාරයට මාරු කළ යුතු බවයි.

මදිඅරසන් සුලක්ෂන් නමැත්තාගේ නැඟණිය වූ මදිඅරසන් නිෂාන්තිනි නමැත්තිය මේ වනවිට යාපනය සරසවියේ කලා අංශයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන හෙයින් යාපනය සරසවියේ කලා අංශයේ සිසුන් පිරිසක් ඊයේ උදෑසන සරසවිය තුළ රැස්වී අදාළ රැඳවියා වවුනියාවට මාරු කරනතුරු උපවාසයේ යෙදීමට තීරණය කොට ඇත.
එමෙන්ම අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ යෙදී සිටින සිරකරුවන් නැවත වවුනියාව බන්ධනාගාරයට ගෙන ආයුතු බවටත් එසේ නොවන්නට මාරාන්තික උපවාසය අවසන් නොකරන බවටත් උපවාසයේ යෙදී ඇති සිසුහු වැඩිදුරටත් කියා සිටියහ.

පසුගියදා උතුර පුරාවට හර්තාල් ව්‍යාපාරයක්ද පැවැතියේ අදාළ සිරකරුවන් නිදහස් කිරීම හා වවුනියාව බන්ධනාගාරයට මාරු කිරීම වැනි කාරණා ප්‍රධානකොට ගෙනය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්