පළාත් පාලන අපේක්ෂකයන්ගේ ඇපය 5,000 දක්වා වැඩිවෙයි

  👤  2595 readers have read this article !
By mawbima 2017-10-18

දෙනගම ධම්මික රණවීර

පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයකුගෙන් මේ දක්වා අය කළ රුපියල් 250ක් වූ ඇප මුදල ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී රුපියල් 5000 දක්වා වැඩි කිරීමට නියමිතය. පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් මෙතෙක් ඇප මුදල් අය නොකළද ඉදිරි පළාත් පාලන මැතිවරණයේ සිට අපේක්ෂකයකුගෙන් රුපියල් 1500ක් බැගින් අය කිරීමටද මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් ඇත.

සංශෝධිත පළාත් පාලන පනත අනුව එම ඇප මුදල් අය කිරීමට කටයුතු යොදා තිබේ. එලෙස ඇප මුදල් ඉහළ දැමීමට හේතු වී ඇත්තේ මැතිවරණ සඳහා අනවශ්‍ය ලෙස නාම ලේඛන ඉදිරිපත් කිරීම, අධික පිරිවැයක් දැරීමට සිදුවීම ආදිය අවම කිරීමේ අපේක්ෂාවෙන් බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්