ගම්පොළ මහ පාරට බෝම්බ පාර්සලයක් ආවේ කොහොමද?

  👤  2645 readers have read this article !
By mawbima 2017-10-18

ගම්පොළ - මාධව බණ්ඩාර

ගම්පොළ වැලිගල්ල තලවතුර මාර්ගයේ එකේ කණුව අසල ප්‍රධාන මාර්ගයේ ජීව අත්බෝම්බ 8ක් සහිත පාර්සලයක් දමා ගොස් තිබියදී දවුලගල පොලිසිය සොයා ගෙන ඇත.
ඊයේ (17දා) උදෑසන 7.30ට පමණ සොයා ගෙන ඇති මෙම බෝම්බ පාර්සලය කිරි රැගෙන ගිය ජීප් රථයක දෙදෙනකු මුලින්ම දැක ඇති අතර කසළ බෑගයක් යැයි සැක සිතූ මොවුන් එම ජීප් රථය ගමන් කිරීමේදී බෝතල් කටු වැනි යමක් තිබී ටයර්වල ඇනෙනු ඇතැයි යන සැකය මත මෙම පාර්සලය ඉවත් කිරීමට යෑමේදී එහි බෝම්බ තිබෙන බව දැක ඇත.

චීනයේ නිෂ්පාදිත කේ - 49 වර්ගයට අයත් බෝම්බයක් හා එස්.එෆ්.ජී. 87 වර්ගයේ සිංගප්පූරුවේ නිෂ්පාදිත අත්බෝම්බ 7ක් බෑගයේ තිබී සොයාගෙන තිබිණි.
බෝම්බ පාර්සලය මෙම ස්ථානයට ආවේ කෙසේද යන්න පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ අරඹා ඇත.

ගම්පොළ විශේෂ කාර්ය බළකා සෙබළුන් පැමිණ මෙම බෝම්බ නිෂ්ක්‍රිය කිරීම සඳහා පස්වරුවේදී රැගෙන යන ලදී.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතාගේ උපදෙස් මත දවුලගල පොලිස් ස්ථානාධිපති පො.ප. ජයම්පති බණ්ඩාර, ගම්පොළ විශේෂ කාර්ය බළකායේ පො.ප. ගැමුණු ශාන්ත, උ.පො.ප. රණතුංග ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්