ස්නායු රෝගයකින් දෙපා පණ නැති වුණත් ශිෂ්‍යත්වය ජය ගත් වරාපිටියේ සඳරු

  👤  2613 readers have read this article !
By mawbima 2017-10-18

දෙපා ආබාධිත තත්ත්වය නොසලකා හැර 2017 මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ ජී.අයි. සඳරු මිහිරංග සිසු දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමට අත්වැලක් ලෙසත් තම දරුවා දැනට ඉගෙනුම ලබන පාසල 11 වසර දක්වා පන්ති පවත්වා වැඩි දියුණු කර දෙන ලෙසත් ලකුණු 168ක් ලබාගත් බප/ක වරාපිටිය කනිෂ්ඨ විදුහලේ සඳරු මිහිරංගේ මව ඉරේෂා දිල්හානි අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මගේ සඳරු පුතා ඉපදුණු දවසේ ඉඳලා ස්නායු දුර්වල වෙලා මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. පුතා අබාධිත වුණත් ඉගෙනුමට හරි දක්ෂයි. සහෝදරත්වයෙන් සියලු දෙනාගේ හොඳ හිත දිනාගෙන විශේෂයෙන් පන්තියේ යාළුවෝ හැමදෙනාම එක්ක මිත්‍රශීලීව අපේ පුතා කටයුතු කරනවා. ඒ බැඳීම හරිම ළෙන්ගතුයි. පුතාගෙ පන්තියේ දරුවොත් පුතාට හරිම ආදරෙයි. පුතා පාසලට රැගෙන ඒම සහ රැගෙන යෑම අපහසුයි. ඒ සඳහා කිසියම් උදව්වවක් උපකාරයක් කළ හැකි නම් ලොකු උපකාරයක්. සඳරුගේ තාත්තා සුළු ව්‍යාපාරික කටයුත්තක නිරතව ඉන්නවා. එයාට මේ දරුවගේ කටයුතු සඳහා සම්පූර්ණ කාලය යොදන්න අපහසුයි.

සඳරුගේ පන්ති භාර ගුරුවරයා සහ නියෝජ්‍ය විදුහල්පති එස්.එස්. දයාරත්න සිල්වා මහතා අදහස් දක්වමින්,
"2014 වසරේ ඉඳල සඳරු මිහිරංග වරාපිටිය කනිෂ්ඨ පාසලේ ඉගෙන ගන්නවා. 2017 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 168ක් ලබාගෙන සමත්වුණා. සඳරු සමඟ පාසලේ දරුවෝ වගේම පන්තියේ ළමයින් සමඟ හොඳ සුහදතාවයෙන් ඉන්න ළමයෙක්. එයාට පන්තියේ පවරන සියලු දේවල් නොපිරිහෙළා ඉටුකරනවා. සඳරුගේ වැඩකටයුතු වෙනම කරන්න ඕන නිසා එයාට අපි පන්තියේ විශේෂ ස්ථානයක ඉන්න සලස්වල තියෙනව. පොඩි පෑන් එකක් එතැන දාලා තියෙනවා. එයාව බලාගන්න සඳරුගේ ආච්චිගේ සහෝදරියක් එතැන රැඳී ඉන්නවා. මොකද ඒ වැඩකටයුතු ඔක්කොම අපිට කරන්න අපහසු නිසා. එයා එක තැනම ඉඳලා දැන් ටිකක් බර වැඩියි. ආච්චිගේ සහෝදරියට එයා ළඟ දැන් රැඳී ඉන්නම වෙලා තියෙනවා."

විදුහල්පති එන්.එම්. ලලිතා මහත්මිය
"මේ ළමයා ඉතාමත් හොඳ විනයගරුක සංවරශීලී ළමයෙක්. පන්තියේ ළමයි සමඟ බොහොම සුහදශීලීයි. දයාරත්න ගුරුතුමා සහ 4,5 ශේ්‍රණිවල පන්තිභාර ගුරුවරුන් බොහොම කැපවීමෙන් ඉගැන්වූ නිසා මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සඳරු සමඟ ළමයි 8 දෙනකු සමත් වුණා." සඳරු මිහිරංග සිසුවාගේ ආබාධිත තත්ත්වයට කිසියම් පිළියමක් හැටියට උපකාරයක් කරනවා නම් මේ දුරකතන අංකය අමතන්න. 077-9948323 .

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්