පර්පචුවල් සමාගම බැඳුම්කර මගඩිවලට අමතරව උපයාගන්නා අසීමිත මුදල් සැඟවූ බව පේනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩල සාමාජික නිහාල් ෆොන්සේකා

  👤  2648 readers have read this article !
By mawbima 2017-10-18

කමල් මහේන්ද්‍ර වීරරත්න

වෙන්දේසි රහස් ලබාදෙන්නන් හට අල්ලස් ගෙවීමට අමතරව එවැනි විවිධාකාර ක්‍රම මඟින් අසම්මත ආකාරයෙන් උපයාගන්නා රුපියල් කෝටි ගණන් මුදල් හොර රහසේ සඟවාලීමේ යම් රහස් ව්‍යාපාරයක්ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන බවට සැකයක් උපදින්නේ යැයි පෙරේදා (16දා) බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩල සාමාජිකයකු වූ බැංකුකරණයේ විශේෂඥයකුද වන නිහාල් ෆොන්සේකා මහතා කියා සිටියේය.
ෆොන්සේකා මහතා එලෙස ප්‍රකාශ කර සිටියේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් ඔහු වෙත ඉදිරිපත් කරන ලද බැංකු ප්‍රකාශන රාශියක් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවය.

එක් බැංකු ප්‍රකාශනයක් මඟින් චෙක්පත් 25ක් පමණ නිශ්කාෂණය වීම පිළිබඳ විස්තර සඳහන් විය. එවැනි බැංකු ප්‍රකාශන ගණනාවක්ම මිලින්ද ගුණතිලක මහතා ෆොන්සේකා මහතා වෙත ඉදිරිපත් කරමින් විමසා සිටියේ, මේ ආකාරයෙන් රුපියල් මිලියන ගණන් වටිනාකම්වලින් යුතු චෙක්පත් මෙතරම් විශාල ප්‍රමාණයක මුදල් ඒවා තැන්පත් කරන ලද දිනය තුළදීම (ඛ්චඵඩ ඛ්ඩඥඳභඥ) 'මුදල් චෙක්පත්' මඟින් ආපසු මුදල් කර ගැනීමේ නිරන්තර ක්‍රියාවලිය තුළින් ඔවුන් කුමක් බලාපොරොත්තු වන්නේද යන්නය.
ෆොන්සේකා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඉකුත් සතියේ මෙම කොමිසම හමුවේ අනාවරණය වූ බවට මාධ්‍ය හරහා විශාල ලෙස ප්‍රචාරය වූ පරිදි මේ ආකාරයෙන් බැංකුවලින් මුදල් කරගෙන එන මිලියන ගණන් චෙක්පත්වල මුදල් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී රහස් තොරතුරු ලබාදෙන අයට අල්ලස් ලෙස බෙදාදෙන බව පිළිගත හැකි බවය.

එහෙත් ඊට අමතරව මේ තරම් අති විශාල මුදල් ප්‍රමාණයන් ඊට අමතරව රහසේ සැඟවීම සඳහා මාරු කරගෙන එනවා විය හැකිය යන්න ගැනද අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. විනිසුරු ජයවර්ධන මහතා මේ අවස්ථාවේදී සිහිපත් කර සිටියේ "ඛ්ඡ්ර්ණී පලිසේනගේ පුටුව උඩ සිට තව තවත් තැන්වලට මුදල් ගිහින් තිබෙන හැඩයි" යනුවෙනි.

ෆොන්සේකා මහතා මිලින්ද ගුණතිලක මහතාට පිළිතුරු දෙමින් වැඩිදුරටත් කියා සිටියේ, එම සමාගමේ නමින් මේ සා විශාල මුදල් සම්භාරයක් තැන්පත් වීම වළක්වාලමින් එම මුදල් වාර කිහිපයකදී 'රහසේ සැඟවීම' සඳහා ක්‍රියා කරනවා විය හැකි බවය.

එනම් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එන මුදල් තම සමාගමට අනුබද්ධිත අනෙකුත් සමාගම් වන පර්පචුවල් හෝල්ඩින්ග්ස් සමාගමටත්, පර්පචුවල් ඇසෙස්ට් මැනේජ්මන්ට් සමාගමටත්, ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් ස්කාගාර සමාගමටත්, චෙක්පත් මඟින් තැන්පත් කරන අතර එදිනම 'මුදල් චෙක්පත්' (ඛ්චඵඩ ඛ්ඩඥඳභඥඵ) ලියා එකී සියලුම මුදල් ආපසු ගෙන්වාගෙන ඇති බව බැංකු ලේඛන මඟින් පැහැදිලි වන බවත්, ඒ අනුව මෙම මුදල් සංසරණය වන ආකාරය ගැන බරපතළ සැකයක් ඉස්මතු වන බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව මෙකී මුදල් කුමන කටයුත්තක් සඳහා යොමුවනවාද, කුමන තැනැත්තකු හෝ තැනැත්තන්ගේ අතට පත්වෙනවාද නොඑසේනම් හොර රහසේම රටින් පිටවනවාද යම් විනාශකාරී ක්‍රියාවකට භාවිත වෙනවාද යනාදී ප්‍රශ්න මාලාවක්ම පැන නැඟෙන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු විය යුතු බවද ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්