මිලියන 53ක වියදමින් පස්සරට පානීය ජල ව්‍යාපෘතියක්

  👤  2576 readers have read this article !
By mawbima 2017-10-18

උදයන්ති මුණසිංහ

ලෝක බැංකු ආධාර යටතේ මිලියන 53ක වියදමින් ඉදිකිරීමට යෝජිත බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර පානීය ජල ව්‍යාපෘතිය නගර සැලැසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් විසින් පසුගියදා ආරම්භ කළේය.

මේ ව්‍යාපෘතියෙන් පවුල් පන්සීයකට පිරිසුදු පානීය ජලය ලබාදීමට හැකි බවත් මේ වනවිට ලෝක බැංකු ආධාරයෙන් මිලියන 48.94ක් ලබාදී ඇති අතර ඉතිරි රුපියල් මිලියන 4ක මුදල ජනතා සහයෝගයෙන් ලබා ගැනීමට නියමිත බව නගර සැලැසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් හඳුනාගෙන ඇති දිළිඳු පවුල් අසූහයකට සනීපාරක්ෂක පහසුකම් ඇති කර ගැනීම සඳහා රුපියල් තිස්පන්දහස (35,000) බැගින් ලබාදීමටද පියවරගෙන තිබේ.

මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අනතුරුව ජන හමුවකට එක්වූ රවුෆ් හකීම් අමාත්‍යවරයා සඳහන් කළේ මේ ප්‍රජා ජල ව්‍යාපෘතිය රජයේ ආයෝජනයෙන් ඉදිකිරීමෙන් අනතුරුව එහි පරිපාලනය හා නඩත්තු කටයුතු ප්‍රජා මූල සංවිධානවලට භාර දෙන අතර එහි අය කිරීම්ද එම සංවිධානවලින් සිදුකරන බවයි. නගර සැලැසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියා කරන මෙවැනි ප්‍රජාමූල සංවිධාන මඟින් පාලනය කරන ප්‍රජා ජල ව්‍යාපෘති 352ක් මෙරට ක්‍රියාත්මක වන බවත් ලෝක බැංකු ආධාරයෙන් පවත්වාගෙන යන මෙවැනි ප්‍රජා ජල ව්‍යාපෘති හා සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධ ව්‍යාපෘති පිළිබඳව ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රශංසාවට ලක්වී තිබෙන බවත් අමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්