පුංචි ඡන්දය ජනවාරි අවසන් වීමට පෙර පවත්වන බවට වගකියනවා

  👤  2614 readers have read this article !
By mawbima 2017-10-18

උදයන්ති මුණසිංහ

පළාත් පාලන මැතිවරණය එළැඹෙන ජනවාරි මාසය අවසන් වීමට පෙර පැවැත්වෙන බව තමා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරයි.

තමාව ඉත්තෙක් ලෙස යොදාගෙන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කටයුතු කරන බවට බැසිල් රාජපක්ෂ සිදු කළ ප්‍රකාශය පදනම් විරහිත බවත්, කිසිදු පුද්ගලයකුට තමාව ඉත්තෙක් ලෙස යොදාගත නොහැකි බවත් හෙතෙම පැවසුවේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනගහනය අධික බැවින් එම දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය සභාවල සංඛ්‍යාව වැඩි කරන ලෙස විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සමඟ සාකච්ඡා කළ බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා සංඛ්‍යාව වැඩි කර එම ජනතාවට සාධාරණත්වය ඉටු කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ අතර, එම පොරොන්දු ඉටු කොට පළාත් පාලන මැතිවරණය ගැසට් කරන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිවරයා ද එකඟ වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදු වුවහොත් එසේ කල් දැමීමට සිදුවන්නේ දින කිහිපයක් පමණක් බවත්, ඡන්දය කල් දැම්මද ලක්ෂ ගණනක් ජනතාවට මෙමඟින් සාධාරණයක් ඉටුවන බවත් ඔහු පෙන්වා දුනි.

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී, දමිළ ප්‍රගතිශීලී සන්ධානය පෙරේදා (16දා) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්