උතුරේ ජනතා නිල මෙහෙවරේ නොවිසඳුණු ගැටලු විසඳන්න ජනාධිපති හා අගමැති 21 වැනිදා වවුනියාවට

  👤  2583 readers have read this article !
By mawbima 2017-10-18

මුලතිව් - ශෂිකුමාර්

උතුරේ නැවත පදිංචි වූ සහ සියලු ජනතාවගේ ගැටලු විසඳීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ජනපති ජනතා නිල මෙහෙවරේ නොවිසඳුණු ගැටලු විසඳීමට මේ මස (ඔක්තෝබර්) 21 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වවුනියාවට පැමිණීමට නියමිතය.
වවුනියාව ශෛවප්‍රකාශා මහා විද්‍යාලයේ ජනපති ජනතා නිල මෙහෙවර වැඩසටහන එදිනට ක්‍රියාත්මක වන අතර එම වැඩසටහනට අමතරව නැවත පදිංචි වූවන් වෙනුවෙන් ස්ථිර ඉඩම් ඔප්පු 3000 ක්ද ප්‍රදානය කෙරේ. පවුල් 1432 දෙනකුට ස්වයං රැකියා උපකරණද ලබා දීමටද පියවර ගෙන ඇති බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.

මේ වැඩසටහන පළමුව පොළොන්නරුවේදීද දෙවනුව ගාල්ල දිස්ත්‍රික්කයේද තෙවනුව වවුනියාව දිස්ත්‍රික්කයේද පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මීට පෙර ජනපති ජනතා නිල මෙහෙවර දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා ක්‍රියාත්මක විය.

එම වැඩසටහන්වලදී නොවිසඳුණු ගැටලු ජනාධිපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් විසඳීමට පියවර ගෙන ඇති අතරම එම වැඩසටහන් වෙනුවෙන් කැබිනට් අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්