නාත්තණ්ඩිය ‘අශෝකපුර’ උදාගම්මානය අද අගමැති අතින් ජනතා අයිතියට

  👤  2583 readers have read this article !
By mawbima 2017-10-18

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 43 වැනි උදාගම්මානය පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තණ්ඩිය, මානිංගල "අශෝකපුර" නමින් අද (18දා) උදේ පෙ.ව. 10ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.

නිවාස 98කින් සමන්විත 'අශෝකපුර' ගම්මානය ඉදිකිරීම ඇරැඹුණේ 2016 මැයි මස 18 වැනිදාය. නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩු පොලී නිවාස ණය ලෙස ලබාදී ඇති අතර මෙයද ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදිවූ උදාගම්මානයකි.

මේ නිවාස සංකීර්ණය සඳහා රුපියල් මිලියන 76.35ක මුදලක් වැයකර ඇති අතර මේ ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේදී නිවාසලාභී පවුල් 98ක් සඳහා නිවාස හිමිකම් පත් ලබාදීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්