වගා සංග්‍රාමය දිනන්නට නම් ගොවීන් කැපවීමෙන් වැඩ කළ යුතුයි

  👤  2572 readers have read this article !
By mawbima 2017-10-18

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ මහතා මොරවැව කළ සංචාරයකදී මුහුදු කොටි බළකායේ නායක සුසෙයිගේ දෙවැනියා ලෙස කටයුතු කළ ජී. ලෝගේෂ්වර රාසා හෙවත් සීලන් ඔහුගේ නිවෙසට ගොස් මුණ ගැසී තිබේ.

පුනරුත්ථාපනය වීමෙන් පසුව මොරවැව යාය ප්‍රදේශයේ සත්ත්ව පාලන කටයුතුවල නිරතව සිටින ලෝගේෂ්වරරාසා, අමාත්‍යවරයාට කියා සිටියේ රජයේ වගා සංග්‍රාමය ජයගැනීමට නම් ගොවීන් මහන්සිය නොබලා කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි. එමෙන්ම එදිනෙදා අවශ්‍ය වන කාර්යයක් හෝ ඉටු කර ගැනීමට යෑමේදී රජයේ නිලධාරීන්ගෙන් සිදුවන යම් යම් අපහසුතාවන් පිළිබඳවද ඔහු මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබ තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්