සුගතාරාම පුරාණ විහාරයේ බිත්තියක් ගිලා බසී

  👤  2584 readers have read this article !
By mawbima 2017-10-18

කිරිඇල්ල _ එච්. එම්. කේ. රූපසිංහ

ඇහැලියගොඩ, නැදුරන, පහළගම ශ්‍රී සුගතාරාම අසූමහ ශ්‍රාවක පුරාණ විහාරස්ථානයේ ඉපැරැණි ආවාසයේ බිත්තියක් ඊයේ (17දා) අලුයම 2.00ට පමණ කඩා වැටී ගිලා බැස ඇත. මෙම සිද්ධියෙන් විහාරාධිපති හිමියන්ට කිසිදු අනතුරක් නොවී ජීවිතය බේරී ඇත්තේ හාස්කමකිනි. සිද්ධිය වන අවස්ථාවේ විහාරාධිපති කිරම චන්දානන්ද හිමියන් ආවාසය තුළ ඇඳක් මත සැතපී සිට ඇති අතර එම අවස්ථාවේ යම්කිසි ශබ්දයක් ඇසී බලන විට පිටුපස බිත්තිය කඩා වැටෙමින් ගිලා බසින අයුරු තමන් දුටු බවද වහාම නැඟිට පන්සලේ සිටි අයකුටත් කතා කර වහාම වහලයට ලී දෙකක් සොයා යටලීයට තබා වහලය පහත්වීමට නොදී තැබූ බවද පැවැසූහ.

එසේ නොවුණා නම් තමාගේ ජීවිතය පවා අනතුරකට පත්වීමට ඉඩ තිබූ බව චන්දානන්ද හිමියෝ පැවැසූහ. අලුයම 5ට පමණ මෙම සිදුවීම ඝාණ්ටාරය නාදකොට ප්‍රදේශවාසීන්ට දැනුම් දුන් බවත් උන්වහන්සේ පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්