ඇල්ලීමට තහනම් මිණිමුතු මෝරකු ඇල්ලූ තිදෙනකුට දඩ

  👤  2594 readers have read this article !
By mawbima 2017-10-18

ගාල්ල _ එච්. පරණවිතාන

වාලච්චේන ප්‍රදේශයේ ධීවරයන් තිදෙනකු ඩිංගි බෝට්ටුවකින් ගොඩබිමට රැගෙන එමින් තිබූ මිණිමුතු මෝරකු වාලච්චේන ධීවර වරායට අනුයුක්තව රාජකාරියේ නියුතු නාවික භට පිරිසක් මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිණිමුතු මෝරා ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ඇල්ලීමට තහනම් දුර්ලභ මත්ස්‍ය විශේෂයක් බවට නම් කර තිබේ.
අත්අඩංගුවට ගත් මෙම මිණිමුතු මෝරා කිලෝ ග්‍රෑම් 170ක බරින් යුක්ත වන බව මෙම වැටලීම කළ වාලච්චේන වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයෝ පවසති. මෙම මිණිමුතු මෝරා ගොඩබිමට ගෙනෙමින් සිටි පුද්ගලයන් 3 දෙනකු සහ අදාළ ආම්පන්න සමඟින් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට මඩකළපුව සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදී ඇත.අත්අඩංගුවට ගත් ධීවරයන් තිදෙනා මඩකළපුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිද්ධියට අදාළ වරද පිළිගත් හෙයින් එක් පුද්ගලයකුට රුපියල් තිස් දහසක් බැගින් දඩ නියම කර ඇත. මිණිමුතු මෝරා විනාශ කර දමන ලෙස නියෝගයක්ද මඩකළපුව අධිකරණය මඟින් නිකුත් කළ බව මඩකළපුව සහකාර ධීවර අධ්‍යක්ෂ රුක්ෂාන් කෘස් මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්