හදිසි ආපදාවකදී පවුල් සංවිධාන සංගමයෙන් කතුන්ට පැකේජයක්

  👤  2602 readers have read this article !
By mawbima 2017-10-18

උදයන්ති මුණසිංහ

මෙරට සිදුවන ස්වාභාවික ආපදාවලදී කාන්තාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මඟින් ප්‍රජනන හා ලිංගික සෞඛ්‍ය සඳහා මූලික අවම සේවා පැකේජය (ර්ඪදඪථභථ ධ්දඪබඪචත ඉඥපමඪජඥ ර්ථීචජඬචඨඥ) ලබා දෙන බව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්ෂ හරිස්චන්ද්‍ර යකන්දාවල සඳහන් කරයි.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ඊයේ (17දා) එම ආයතනයේ පැවැත්වූ වැඩමුළුවකදී ඔහු මේ බව පැවැසීය.

මෙම මූලික අවම සේවා පැකේජය කාන්තාවන් සහ ගර්භණී මවුවරුන් වෙනුවෙන් ආපදා අවස්ථාවලදී ලබා දෙන බවත්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ජාත්‍යන්තර සැලසුම් මාපිය පදනම (ධ්දබඥපදචබඪධදචත ර්ථීතචදදඥඤ ර්ථීචපඥදබඩධධඤ ජ්ඥඤඥපචබඪධද) මේ සඳහා අනුග්‍රහය දක්වන බවත් වෛද්‍ය යකන්දාවල මහතා ප්‍රකාශ කළේය.
මෙම පැකේජයට සනීපාරක්ෂක තුවා, සබන්, දත් බුරුසු, දත් බෙහෙත්, පාවහන් යුගලක් ඇතුළු රුපියල් 4000ක වටිනාකමකින් යුත් භාණ්ඩ අඩංගු වන බව ඔහු පෙන්වා දුන්නේය.

පවුල් සංවිධාන සංගමය මඟින් මේ භාණ්ඩ පැකේජය ඇසුරුම් කොට රජයේ ආයතනවලට ලබා දෙන අතර රාජ්‍ය ආයතන මඟින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලට ලබාදී ආපදාවට ලක්වූවන් හඳුනාගෙන බෙදා දීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.
මීරියබැද්ද නායයෑම සිදුවූ අවස්ථාවේද මෙම සේවා පැකේජය ලබාදීම සාර්ථකව සිදු කළ අතර, ඉදිරියේදීත් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ලබාදීමට නියමිත සේවා පැකේජ මේ වන විටද සකස් කොට තිබෙන බවද හෙතෙම කීය.

හදිසි ආපදාවක් ඇතිවුවහොත් ඊට මුහුණදීමට දැනටමත් කොළඹ, ගාල්ල, රත්නපුර, බදුල්ල යන ප්‍රදේශවල මෙම සේවා පැකේජ ස්ථානගත කොට තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්