පුදුකුඩිඉරිප්පු වැසියෝ ඉඩම් ඉල්ලා උද්ඝෝෂණයක

  👤  2582 readers have read this article !
By mawbima 2017-10-18

මුලතිව් - ශෂිකුමාර්

මුලතිව් පුදුකුඩිඉරිප්පු වැසියන් පිරිසක් ඊයේ (17දා) සිය මුල් ඉඩම් ඉල්ලා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
පුදුකුඩිඉරිප්පුහි නැවත පදිංචියට ගොස් මුල් ඉඩම් අහිමි වූවන් පිරිසක් විසින් මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. සිවමෝහන් මහතාද සහභාගි වී සිටියේය.

එහිදී මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් උද්ඝෝෂකයන්ට ලබන 23 වැනිදා පැවැත්වෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට අදාළ ගැටලුව ඉදිරිපත් කොට විසඳුමක් ලබා දෙන බවට දැනුම් දීමෙන් පසුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්