දිනසේන රතුගමගේට සාම විනිසුරු පදවියක්

  👤  2598 readers have read this article !
By mawbima 2017-10-18

වවුනියාව අම්බලන්ගොඩැල්ලේ දිනසේන රතුගමගේ මහතා මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විනිශ්චයකරුවකු වශයෙන් පසුගියදා වවුනියාව දිසා විනිසුරු සෙල්වනයගම් ලෙනින් කුමාර් මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

දේශීය හා විදේශීය මාධ්‍යවේදියකු වශයෙන් කීර්තිනාමයක් හිමිකරගෙන සිටින දිනසේන රතුගමගේ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාධාරියකු මෙන්ම අධ්‍යාපනවේදී ගෞරව උපාධිධාරියෙක්ද වේ.

වන්නි මාධ්‍යවේදීන්ගේ සංගමයේ අනුශාසකවරයා වන මොහු යුද සමයේදී එම සංගමය බිහිකොට සහෝදර මාධ්‍යවේදීන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඔහු පාරම්පරික ජේ‍යා්තිෂවේදියකු වශයෙන්ද ප්‍රසිද්ධියක් උසුලයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්