ලංකාවේ ආර්ථිකය නංවන්න ජපාන ජගත් සහයෝගිතා බැංකුවේ සහාය

  👤  2815 readers have read this article !
By mawbima 2017-10-18

මෙරට ආර්ථික වැඩසටහන සඳහා පූර්ණ සහාය දක්වන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා බැංකුව පවසයි. එහි ප්‍රධාන විධායක නිලධාරි සහ විධායක කළමනාකාර අධ්‍යක්ෂ ටඩාෂි මයීඩා මහතා සහ මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර පැවැති හමුවකදී මේ බවට අනාවරණය විය.
ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සංකේතවත් කරමින් ඉදිරි කටයුතු පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා ටඩාෂි මහතා ඇතුළු එම බැංකුවේ දූත පිරිසක් ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon