විසුරුවා හළ පළාත් සභා තුනේ ඡන්දය තබන්නැයි නඩු පවරයි

  👤  2577 readers have read this article !
By mawbima 2017-10-18

නාච්චාදුව - කිත්සිරි වනසිංහ

ඉකුත් දා විසුරුවා හරින ලද උතුරු මැද පළාත් සභාව ඇතුළුව පළාත් සභා තුන සඳහා වූ ඡන්දය කඩිනමින් පැවැත්වීමට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ඊයේ (17දා) ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පැවැරීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් මෙම නඩුව පැවැරීමට කටයුතු කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන යහපාලන ආණ්ඩුව දවසින් දවස මහජනතාවගේ සියලු අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින අවස්ථාවක ඡන්ද අයිතිය ඉල්ලා තමන් ඇතුළු කණ්ඩායම ශේ‍ර්ෂ්ඨාධිකරණයේ පිහිට පතන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්