උල්පත්වැව දාගැබක් කඩා නිධන් සෙවූ නව දෙනා රිමාන්ඩ්

  👤  2557 readers have read this article !
By mawbima 2017-10-18

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

හබරණ පලුගස්වැව උල්පත්වැව පිහිටි ඉපැරැණි දාගැබක් විනාශයට පත්කර නිදන් ලබාගැනීමේ අරමුණින් නීති විරෝධීව කැණීම් කළ බවට හබරණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් නව දෙනකු මේ මස 26 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය.

සැකකරුවන් විසින් කැණීම් කර ඇති ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාවක් මීළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙසද හබරණ පොලිසියට නියෝග කළේය.
රිමාන්ඩ් කළේ දඹුල්ල ගල්මැටියාව, දඹුල්ල ඉනාමළුව ජන උදානගම, කන්තලේ රජඇළ යුනිටි 5ක කන්තලේ 91 පෙදෙස සහ හබරණ කාශ්‍යපගම පදිංචි සැකකරුවන් නව දෙනෙකි.

වැටලීම සිදුකරන අවස්ථාව වනවිට සැකකරුවන් බැකෝ යන්ත්‍රයක් යොදාගෙන අදාළ ස්ථානයේ අඩි 12ක් පමණ ගැඹුරු වළක් හාරා තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙම කැණීමේදී පැරැණි ගල් පාලමක බවට විශ්වාස කළ හැකි ගල් කොටස්ද සැකකරුවන් විසින් පොළොවෙන් මතුපිටට ගෙන දමා තිබිණි.හබරණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. පිටිගල මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්