බස්නාහිර පළාත් විශේෂ ක්‍රීඩා උළෙල හෙට

  👤  2554 readers have read this article !
By mawbima 2017-10-18

දෙව්රුවන් පෙරේරා

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන 2017 බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උළෙල හෙට (19දා) පස්වරු 3 ට හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි ආරම්භ වේ.

මෙහි සමාරම්භක උළෙල බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ඵස්.ජී. විජයබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් හා විශේෂ අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඒ.ඩී.පුණ්‍යදාස මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
බස්නාහිර පළාතේ විශේෂ අධ්‍යාපන ඒකක හා විශේෂ පාසල් නියෝජනය කරමින් විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ දහසකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්