ධනුෂ්කගේ දඬුවම ලිහිල් වෙයි

  👤  2577 readers have read this article !
By mawbima 2017-10-18

විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් තරග 6ක තහනමකට ලක්වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවකු වූ ධනුෂ්ක ගුණතිලකට පැනවූ එම තහනම ලිහිල් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ඔහු නියෝජනය කරන එස්.එස්.සී. ආයතනයේ අභියාචනය සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මේ තීරණය ගෙන ඇති අතර, ඔහුට පැනවූ තරග 6 දඬුවම හා ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත්තුවෙන් 20%ක දඩ මුදලක් ලෙස අයකර ගැනීමට මෙයට පෙර තීරණය වී තිබුණද ඔහුට පනවා තිබූ තරග 6ක තරග තහනම 3 දක්වා අඩු කිරීමටත්, ඉතිරි ජාත්‍යන්තර තරග 3ක තරග තහනම වර්ෂයකට අත්හිටුවීමටත් තීරණය කර ඇත. කෙසේ වෙතත් ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත්තුවෙන් 20%ක දඩ මුදලක් ලෙස අය කරගැනීම පෙර පරිදිම සිදුවන බවත්, වසරක් ඇතුළත නැවතත් විනය කඩ කිරීමක් සිදුවුවහොත් අත්හිටුවූ ජාත්‍යන්තර තරග 3ක තහනම නැවත ක්‍රියාත්මක වන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්