ජොන්ස්ටන්ගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලා අනුර කුමාර උසාවි යයි

  👤  2347 readers have read this article !
By mawbima 2017-10-19

අනුරාධා හේරත්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මුදල් සම්බන්ධ අසත්‍ය චෝදනාවක් එල්ල කළැයි පවසා එම පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා අපහාස නඩුවක් පැවැරීමට යයි.
පසුගියදා මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ජවිපෙ නායක අනුර දිසානායක ඇමැති මලික් සමරවික්‍රමගෙන් මුදල් කෝටි ප්‍රකෝටි ගණන් ගත් බවට කළ ප්‍රකාශය ඉතා අපහාසාත්මක මෙන්ම අසත්‍ය බව ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.

අපහාස නඩුවක් යටතේ අධිකරණය හමුවේ කරන ප්‍රශ්න කිරීම් හරහා හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාවද පවතින බැවින් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරයා ලෙස සතොස රුපියල් ලක්ෂ 50කට අධික භාණ්ඩ සම්බන්ධ වංචාව ගැනද ප්‍රශ්න කිරීමට හැකි වන බව හේරත් මන්ත්‍රිවරයා කීය.

මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් සිදු කළ වංචා හා දූෂණ පිළිබඳ ජනතාවට තොරතුරු හෙළිදරව් කිරීමට ඉඩකඩ සලසාදීම පිළිබඳව ඔහුට පක්ෂයක් ලෙස ස්තුතිවන්ත වන බවද ඒ මහතා පැවැසුවේ ඊයේ (18දා) පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්