උපාධිධාරීන් 40,000ක් විරැකියාවෙන් පෙළෙන සමයක උසස් පෙළ සමතුන්ට ගුරු පත්වීම් දීම අසාධාරණයි

  👤  2330 readers have read this article !
By mawbima 2017-10-19

සවනි ශේශාධි

උපාධිධාරීන් හතළිස් දහසක් පමණ විරැකියාවෙන් පෙළෙන විට උසස් පෙළ සමතුන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට ගෙන යන ක්‍රියාවලිය අතිශය අසාධාරණ බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියෝ පැවැසූහ.

උසස් පෙළ සමතුන්ගෙන් ගුරු පුරප්පාඩු 5000ක් පිරවීමට ආණ්ඩුව සැලැසුම් කරමින් සිටින බවද ගුරු පුරප්පාඩු පිරවීම තමන්ට ගැටලුවක් නොවෙතත් රැකියා විරහිත උපාධිධාරීන් හතළිස් දහසක් රැකියා දිනා ගැනීමේ අරගලයක නිරතව සිටියදී උසස් පෙළ සමතුන් ගුරු පුරප්පාඩුවලට අනුයුක්ත කිරීම පිළිබඳව තමන්ට ගැටලුවක් ඇතැයි උන්වහන්සේ අප කළ විමසීමකදී පැවැසූහ.

ගැටලුව ඇත්තේ උසස් පෙළ සමතුන් සමඟ නොව රැකියා විරහිතව පෙළෙන උපාධිධාරීන් ගැන නොතකා උසස් පෙළ සමතුන්ගෙන් ගුරු පුරප්පාඩු පිරවීමට සැලැසුම් කරන ආණ්ඩුවේ බලධාරීන් සමඟ බවද, මෙය උසස් පෙළ සමතුන් ඉලක්කකොට සිදු කෙරෙන දේශපාලන ව්‍යාපෘතියක කොටසක් බවද උන්වහන්සේ තවදුරටත් පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්