මාලදිවයින් ජනපති ඝාතන තැත ශ්‍රී ලාංකිකයකුගෙන් සාක්කි ගන්න අධිකරණයෙන් අවසර ඉල්ලයි

  👤  2291 readers have read this article !
By mawbima 2017-10-19

කේ.එස්. උදය කුමාර්

මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයකුගෙන් සාක්ෂියක් සටහන් කර ගැනීමට අවසර දෙන්නැයි අධිකරණ අමාත්‍යාංශය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙතින් ඉල්ලීමක් කර තිබේ. මාලදිවයින් රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යාංශය විසින් මෙම ඉල්ලුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
අධිකරණ අමාත්‍යාංශය මඟින් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ වාර්තාව මඟින් දන්වා ඇත්තේ මාලදිවයින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට අදාළව එරට ආරක්ෂක අංශය මඟින් සිදු කරන පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාවේ සිටින යසසිරි ධනුෂ්ක පෙරේරා නමැත්තකුගෙන් සාක්ෂියක් සටහන් කර ගැනීමට අවශ්‍යව ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය අවසරය ලබාදෙන ලෙසද එම අමාත්‍යාංශය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහිදී යසසිරි ධනුෂ්ක පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයා අසනීපව පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
ඒ අනුව මෙම ඉල්ලීම නොවැම්බර් මස 24 වැනිදා යළි කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා එදිනට වැඩිදුර කරුණු සලකා බලන බව ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්