නඩත්තු කටයුතු නිසා ලක්ෂපාන-කැනියොන් විදුලි උත්පාදනය සීමා කෙරේ

  👤  2821 readers have read this article !
By mawbima 2017-11-14

හර්ෂණී අර්සකුලරත්න, නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා

ලක්ෂපාන ජලාශයේ සිට පොල්පිටිය ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යන කිලෝමීටර් හතරක් වූ උමං මාර්ගයේ ආරක්ෂිත දැලක නඩත්තු කටයුත්තක් හේතුවෙන් නව ලක්ෂපාන, පැරැණි ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සීමා කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හා සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පවසයි.

මෙයින් විදුලි සැපයුමට බාධාවක් නොවන බවත් එම නඩත්තු කටයුත්ත නොකළහොත් බලාගාරවල කාර්යක්ෂමතාව අඩුවීමට එය හේතුවක් වන බවත් හෙතෙම පැවැසීය.
පෙරේදා (12දා) සිට එම බලාගාරවල විදුලි උත්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බවත් අද (14දා) වන විට මේ තත්ත්වය යථා තත්ත්වයට පත්විය හැකි බවත් ඔහු පැවැසුවේය.

උමං මාර්ගයේ ආරක්ෂිත දැල වෙත ගසාගෙන එන අපවිත්‍ර ද්‍රව්‍ය, ගසාගෙන එන කඩා වැටුණු ගස් ආදිය නිසා අවහිර වී ඇති ආරක්ෂිත දැල පිරිසුදු කිරීමේ කටයුතු හේතුවෙන් එසේ එම බලාගාරවල විදුලි ජනනය තාවකාලිකව අත්හිටුවූ බවද ඔහු පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්