ඉෂිත සිසුවා වහාම කොළඹට ගේන්න මහින්ද රාජපක්ෂගෙන් උපදෙස්

  👤  4049 readers have read this article !
By mawbima 2017-11-15

මැදවච්චිය - ගයාන්

හිදෝගම මහනෙළුබෑව විදුහලේ 5 වසරේ ඉගෙනුම ලබන ජී.ඒ. ඉෂිත උදාන දරුවා පාසලේදී ක්‍රීඩා කරන විටදී නෙට් එකක කම්බිය ඇසට වැදීම හේතුවෙන් දැනට ඇස පේන්නේ නැත. ඇයස තුවාල වී ඇත.
පසුගියදා (12දා) අනුරාධපුර හිදෝගම මහනෙළුබෑව දම්සක් මහා සෑය වැඳ පුදා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණි අවස්ථාවේදී මේ දරුවාගේ ඇස දැක ඒ දරුවා ළඟට ගෙන්වා විස්තර විමසීය.

විස්තර විමසීමෙන් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා අමතා මේ දරුවාගේ විස්තර ලබා ගෙන වහාම වාහනයක් ගෙන මේ දරුවා කොළඹට කැඳවන ලෙස උපදෙස් දුන්නේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වියදමින් මේ දරුවාගේ ඇසට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන බව එහිදී පැවැසීය.
ඉෂිත උදාන දරුවාගේ මව එච්.එච්. නිලූෂා කුමාරි මහත්මිය (40) වකුගඩු රෝගයෙන් සහ දියවැඩියා රෝගයෙන් පෙළෙන බවද දැන ගැනීමට හැකිවිය. පියා ජී.එල්. සුමනදාස මහතා ගොවිතැන් කර ජීවත් වෙයි. මහනෙළුබෑව ගාමිණී ධර්ම විද්‍යාලයේ දහම් පාසල් සිසුවෙක් බව මහනෙළුබෑව දම්සක් මහා විහාරාධිපති ආචාර්ය ඉඹුමල්ගම පේමානන්ද හිමියෝ පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්